Available courses

හැඳින්වීම 

මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන මැදිහත්වීම් ක්‍රියාත්මක කරනු ලබන්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නිලධාරීන් (පවුල් සෞඛ්‍යය සේවා නිලධාරීන්, පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, මහජන සෞඛ්‍ය හෙද සොයුරියන් සහ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීන්) විසිනි.   සීමිත කාලයක් තුළ, මාතෘ රැකවරණය, පවුල් සැළසුම්, පාසල් සෞඛ්‍ය ආදී අනෙකුත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ද සමඟ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන මැදිහත්වීම් සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීම මෙම කාර්ය මණ්ඩල වලට අභියෝගයක් විය හැකිය.

නිවස, සායන සහ ක්ෂේත්‍ර යන තුන් ආකාරයක සේවා සැපයුම් ස්ථාන හරහා විවිධ ආකාරයේ මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධන මැදිහත්වීම් සංවිධානය කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශ තිබීම, වඩාත් ඵලදායි ලෙස සෞඛ්‍ය සේවාවන් සැලසුම් කිරීමටත්, සියලුම දරුවන්ට ස්ථාවර රැකවරණයක් සැලසීම සහතික කිරීමටත් පහසුවක් වනු ඇත. මාතෘ හා අලුත උපන් දරුවන්ගේ රැකවරණය සඳහා එවැනි ඒකාබද්ධ මාර්ගෝපදේශ (මාතෘ හා නව ජන්ම සත්කාර පැකේජය) සකස් කර ඇතත් ක්ෂේත්‍ර ළමා රැකවරණය සඳහා තවමත් එවැනි විස්තර සහිත පැකේජයක් සකස් කොට නොමැත. දැනට පවත්නා ළමා සෞඛ්‍ය සම්බන්ධ බොහෝ මාර්ගෝපදේශ, එක් එක් විෂයයන් සම්බන්ධව වෙනම ලියැවුණු ලේඛන වේ. මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහනේ අනෙකුත් අංග සමඟ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන මැදිහත්වීම් කර ගැනීම පිළිබඳව එම ලේඛන වල අවධානය යොමු කර නැත. 

අරමුණ 

මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන පැකේජයේ අරමුණ වන්නේ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන මැදිහත්වීම් පිළිබඳ දැනට පවත්නා සියලුම මාර්ගෝපදේශ එකට ගොනු ගැනීමයි.  තවද විවිධ සේවා සැපයුම් ස්ථාන, අවස්ථා සහ විවිධ වයස්වල ළමුන් අතර, සිදු කරන මැදිහත්වීම් සම්බන්ධීකරණය කළ යුතු ආකාරය විස්තර කෙරේ. 

මීට අමතරව ක්ෂේත්‍ර සේවාවන් සැපයීමේදී ප්‍රයෝජනවත් වන තාක්ෂණික කරුණු වල සාරාංශයක් ද මෙහි ඇතුලත් කර ඇත.

මෙම මාර්ගෝපදේශය ප.සෞ.සේ.නි., ප. ප.සෞ.සේ.නි., ම.සෞ.හෙ. සො., හා සෞ. වෛ. නි.  හට ඔවුන් සිදු කරන සේවාවන් වඩා හොඳින් සංවිධානය කර ගැනීමට හා ඒවායෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කර ගැනීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම මාර්ගෝපදේශය ප්‍රධාන ඒකක 12 ක් ලෙස සංවිධානය කර ඇතඅරමුණු පැහැදිලි කිරීමෙන් පසුව මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන වැඩසටහනේ සමස්ත ආයතනික රටාව සහ ප්රධාන සේවා සැපයුම් ස්ථාන (නිවාස, සායනය, බර කිරිමේ මධ්යස්ථාන, ළමා සුබ සාධන සායන, සෞ. වෛ. නි කාර්යල වල පෝෂණ සායනය සහ ළමා සංවර්ධන සායනය) අනුව මැදිහත්වීමේ පැහැදිලිකිරීම සිදුවේ. අවසාන ඒකක 3 වෙන්වී ඇත්තේ ළමා රැකවරණය සම්බන්ධ සේවා සම්බන්ධීකරණය, අධීක්ෂණ හා ඇගයීම් කටයුතු වෙනුවෙනි.






Site announcements

(No announcements have been posted yet.)